2024 වර්ෂය සදහා පවත්වන දකුණු ආසියානු යොවුන් මේස පන්දු තරගාවලිය දකුණු ආසියාවේ සියලුම රටවල් සහභාගීත්වයෙන් මෙවර ශ්‍රී ලංකාවේ මහනුවරදී මැයි මස 26 සිට 29 දක්වා පවත්වනු ලබයි.

එම තරගාවලියට ශ්රී ලංකා කන්ඩායම නියෝජනය කිරීමට ශ්රී දේවානන්ද විද්යාලයේ A W ටමාදි කවින්ද්යා සුදුසුකම් ලබාගෙන ඇති අතර ඇය එම තරගාවලියට සුදුසුකම් ලබාගත්තේ 2024 අප්රේල් 8/9/10 හා 2024 අප්රේල් 17/18 යන දිනයන්හීදී පැවැත්වූ තේරීම් තරග 20න් 17ක් ජයග්රහණය කර සමස්ත ලංකාවේ දෙවන ස්තානයට පත්වෙමිනි.
ටමාදි ගිය වසරේ මෙම තරගාවලියට ඉන්දියාවේදී සහභාගි වූයේ අවුරුදු පහලවෙන් පහළ කණ්ඩායම් නායිකාව වශයෙනි. එම අවස්තාවේ ඇය රිදී පදක්කම් දෙකක් සහ ලෝකඩ පදක්කම් දෙකක් දිනාගනිමින් තරගාවලියේ ශ්රී ලංකා ක්රිඩිකාවක් ලබාගත් වැඩිම පදක්කම් ලාභිනිය විය.
මෙවර ටමාදි කවින්ද්යා ප්රථම වරට වයස අවුරුදු දහනමෙන් පහල කන්ඩායම නියෝජනය කරන අතර අනිකුත් රටවල්වල ඇයට වඩා වැඩිමහල් ක්රීඩිකාවන් සමග තරගවැදීමට නියමිත අතර ඇයට මෙවරත් වැඩිම පදක්කම් සංඛ්යාවක් කරා යාමට හැකිවේවායි ශ්රී දේවානන්ද විද්යාලයේ පැතුම වනු ඇත.
ටමාදි කවින්ද්යා දියනිය දේවානන්ද මාතාවගේ නම ජාත්යන්තරයට ගෙනයාමට ඔබ කල කාර්ය ඉතාමත් විශාලය. ඔබට ජයෙන් ජයම ලැබේවායි ශ්රී දේවානන්ද විද්යාලයේ විදුහල්පති ,ආචාර්ය මණ්ඩලය ,ආදි ශිෂ්ය සංගමය ,පාසැල් සංවර්ධන කමිටුව ,මේස පන්දු දෙමව්පිය සංගමය ,සමස්ත දේවානන්ද ප්රජාවගේ පැතුමයි.
ඔබට උණුසුම් සුභ පැතුම් .



Related Posts