දෙව්නඳ ඉතිහාසයට තවත් පිටුවක් අරඹයි ...
ශ්‍රී ලංකාවේ මේස පන්දු අනාගතය වෙනුවෙන් දොහා කටාර් රාජ්‍යයේ 2024.12.16 සිට 2024.12.24 දක්වා පවත්වන සියලුම රටවල් සහභාගි වන ආසියානු මේස පන්දු පුහුණු සංචිතය සදහා ශ්‍රී ලංකාව වෙනුවෙන් ක්‍රීඩිකාවන් දෙදෙනෙකු තෝරාගෙන ඇත .
ඉන් පලමුවැනි ක්‍රීඩිකාව අම්බලන්ගොඩ ශ්‍රී දේවානන්ද මහා විද්‍යාලයේ
A. W. ටමාදි කවින්ද්‍යා හිමිකරගනු ලැබුවේ ඇය දැනට ශ්‍රී ලංකා වයස අවුරුදු 17න් පහළ ශ්‍රේණි ගතකිරීම් වල පලමුවන ස්ථානය දිනාගනිමිනි.
ඇය දැනට ශ්‍රී ලංකා විවෘත ශ්‍රේණි ගත කිරීම් වල හතරවන ස්ථානයද හිමිකර ගැනීම විශේෂ ලක්ෂනයකි.
අපගේ ආදරණීය දියනිය ටමාදි අද දින කටුනායක බන්ඩාරනායක ගුවන් තොටුපලෙන් කටාර් රාජ්‍ය බලා පිටත්වේ. ඇය
ශ්‍රී දේවානන්දය ජාත්‍යන්තරයට ගෙනගිය දිරිය දියනියකි.
ඇයට විද්‍යාලීය උණුසුම් සුභ පැතුම්!
ඔබයි අපේ අනාගතය.
දෙව්නඳ අභිමානය වෙනුවෙන් කැප වූ, දායක වූ සැමට ස්තුතියි..!
Sri Devananda College - Ambalangoda